Skip to main content

ඔබගේ මන්දගාමී වූ windows™ පරිගනකය වේගවත් කරමු


POST NO - 05

⚡ ඔබගේ මන්දගාමී වූ windows™ පරිගනකය වේගවත් කරමු (without format)
🌀 මුලින්ම සියලිම සාමාජිකයන්ගෙන් සාමාව ඉල්ලනවා, මොකද මාස 3කින් පමන post කරන්න බැරි උන නිසා... කෙලින්ම කතාවට බහිමුකො⬇⬇

අපි පාවිච්චි කරන පරිගනකය කුමන මෙහෙයුම් පද්දතියක වුවත්, එය කාලයක් පාවිච්චි කරන විට එය මන්දගාමී වන බව මම කියන්න ඕනි නෑ නෙ, ඒක ඔයාලා අත්දැකීමෙන්ම දන්නවානෙ, ඉතින් මෙහෙම උනාම සංසාරෙත් එක්කම එපා වෙනවා එහෙම නේද? , ගොඩක් අය කරන්නෙ අලුතින් ෆෝමැට් කරන එක , ඔව් එහෙම කලාම නැවත speed වෙනවා තමයි , ඒත් ඉතින් ෆෝමැට් කරන්න කඩයකට දුන්නම එයාලට 700ක් 800ක් දෙන්නම වෙනවා , එහෙම නැතුව ඔයාම ෆෝමැට් කර ගත්තත් කලින් තිබුනු application software මොකවත් නෑ නේද ?, ඒ හැම දේම වෙනස් වෙනවා , මම නම් හිතන්නේ ෆෝමැට් කරන එක කාලය නාස්ති කරන වැඩක් කියලා...

ඉතින් ඇයි අපි කාලය නාස්ති කරන්නෙ , මේ හැම දෙයක්ම ලේසියෙන් කරන්න පුලුවන් කම තියෙද්දිත්?, විනාඩි 15ක් වගේ පොඩි කාලයකින් අපිට පුලුවන් අපේ පරිගනකය පරන වේගයටම රැගෙන එන්න ඉතින් බොහොම පොඩි දෙයයි තියෙන්නෙ , ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයත් කිහිප දෙනෙක් හෝ ඇතිනෙ අන්න ඒ නොදන්න අයට තමා මේ පෝස්ට් එක වැදගත් ,

DISK CLEANUP , DISK OPTIMIZE ගැන අහලා තියෙනවා ඇති නේද ? ඒත් ගොඩක් අය දන්නෙ නෑ මේ ගැන , අපි පරිගනකය පාවිච්චි කරනකොට , එහෙමත් නැත්තම් ඒකට ඩේටා පුරවනකොට , නැවත ඩිලීට් කරනකොට පරිගනකයේ ක්‍රියා කාරීත්වය අක්‍රමවත් වෙනවා , පරිගනකය කබට් එකක් වගේ කියල හිතන්නකෝ , අපි කබඩ් එකකට රෙදි දානවා කියලා හිතන්න , කොහොමද මුලින් රෙදි දැම්මහම , ලස්සනට අයන් කරලා නවලා පිලිවෙලට තියෙනවා නේද , ඒත් හිතන්න සතියකට විතර පස්සෙ මොකද වෙන්නෙ අව්ල් වෙනවා නේද , අව්ල් උනාම අපිට රෙදි හොයාගන්න අමාරුයි නේද ? පිලි වෙලට තියෙන කොට වගේ ඉක්මනට හොයාගන්න අමාරුයි , ඉතින් අපි ආයෙත් රෙදි කබඩ් එක පිලිවෙලට හදනවා නේද ?, ඉතින් ඒ වගේ තමා පරිගනකයත් , පරිගනකයත් කාලයක් යනකොට ඒ විදියට අව්ල් වෙනවා , ඉතින් ඇයි අපි ඒ පරිගනකය පිලිවෙලට හදන්නෙ නැත්තෙ ? ගොඩක් අය ඒක කරන්න දන්නෙ නැති එකයි ඒකට හේතුව , DISK CLEANUP කරලා හාඩ් එක OPTIMIZE කරලා ගන්න එක විතරයිනෙ අපිට තියෙන්නෙ , ඔන්න දන්නෙ නැති අය පහල බලන්නකෝ කරන විඩිය , ස්ක්‍රීන් ශොට් එක්කම ⬇


01➡ DISK CLEANUP * පලමුව my computer හෝ this pc file එක open කරගන්නකෝ
*ඊලගට hard disk partition එකක් උඩ right clik කරන්න ඕනි
*ඊටපස්සෙ එන මෙනු එකෙන් properties තෝරන්න
*ඊලගට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ මැද හරියෙ තියෙනවා DISK CLEANUP කියලා තියෙනවා නේද ?, අන්න ඒ බොත්තම උඩ ක්ලික් කරන්න ඕනි
*දැන් ඩිස්ක්එ එක ස්කෑන් කරනවා පේනවා නේද ?
*ඊට පස්සෙ එනව්වා ලිස්ට් එකක් නේද ? එතන තියෙනවා පරිගනකයට අවශය නැති දත්ත ලයිස්තුවක් , ඉතින් ඔබට පුලුවන් එතනින් ඔබට අවශ්‍යයි කියල හිතෙන දත්ත තියෙනවා නම් ඒවා තවදුරටත් පරිගනකයේ තියාගෙන අවශ්‍ය නැති දත්ත සිලෙක් කරලා ok දෙන්න ,
*දැන් ඔබට කියනවා ඩිලීට් කිරීම තහවුරු කරන්න කියලා .. ඉතින් delete file කියන බොත්තම උඩ ක්ලික් කරන්න
*වැඩේ හරි ඉතින් , ඒත් තාම ඉවර නෑ ... බලන්න යට ⬇


02 ➡ DISK OPTIMIZE * පලමුව my computer හෝ this pc file එක open කරගන්නකෝ
*ඊලගට hard disk partition එකක් උඩ right clik කරන්න ඕනි
*ඊටපස්සෙ එන මෙනු එකෙන් properties තෝරන්න
*ආ ඔය ලැබුන ඩයලොග් බොක්ස් එකේ උඩ තියෙන ටැබ් වලින් TOOLS කියන ටැබ් එක උඩ ක්ලික් කරන්න එහෙනම්
*දැන් එන ඩයලොග් බොක්ස් එකේ තියෙනවා check කියලා බටන් එකකුයි optimize කියලා බටන් එකකුයි , දැක්කා නේද ? අන්න ඒකෙන් optimize තෝරන්න ඕනි
*ආවා නේද ඩයලොග් බොක්ස් එකක් ආ....? , ඉතින් ඒකෙ තියෙනවා ඔයාලගෙ පරිගනකයේ තියෙන හාඩ් ඩිස්ක් පාටිශන් ටික , ඉතින් දැන් උඩින්ම තියෙන පාටිශන් එක ක්ලික් optimize කියන බොත්තම උඩ ක්ලික් කරන්න ,
*ටික වෙලාවක් යනවා , ඒක ඉවර උනාම Analyze කියන බොත්තම උඩත් ක්ලික් කරන්නකෝ වඩා හොදයි එතකොට
*ඒ විදියට හැම පාටිශන් එකක්ම කරන්න ඕනි , c එකට තමා වෙලාව යන්නෙ , අනික් ඒව ඉක්මනට යනවා ,
*ඉතින් ඒ වැඩෙත් හරි , ⬇


දැන් පරිගනකය restart කරන්නකෝ බලන්න on උනාම වේගයේ පැහැදිලි වෙනසක් තියෙනවා නේද ?....... ඒකනේ කිව්වෙ වැඩේ ලේසියි වාසියි කියලා , ඉතින් ඔයාලා මේ දේවක් කරන්න පරිගනකය slow වෙනකම්ම ඉන්න එපා අද ඉදන් දවස් 2 කට වතාවක් වත් මේ දේවල් කරන්න ඕනි , දවස ගානේ කරන්න පුලුවන් නම් වඩා හොදයි ..... මම නම් හැමදාම කරනවා , මගේ ලැප් එක නම් ඒ නිසා කවදාවත් slow වෙන්නේ නෑ , ඔයාලත් ඒ වගේ දින පතා පුරුද්දක් වශයෙන් මේ ක්‍රියාවලියට හුරුවෙන්න , පැහැදිලි වෙනසක් දැනේවි ඉස්තීරයි....


වැඩේ හරිගිය අය කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොදද ඔයාල වෙනුවෙන්නෙ ඉතින් මේ අත රිදෙනකල් type කරන්නෙ , හා හා ගෘප් එකත් ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මෙම්බෙර්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් ඇඩ් කරලා ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න සහයෝගය දෙමු නේද , හරි ඉතින් නොදුන්නත් කමක් නෑ කෝමත් ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ වාසිය ගැන හිතන මිනිස්සු විතරනේ . ඒත් ඉතින් අපිත් අපේ වාසිය ගැන හිතුවා නම් අද මේ ගෘප් එකත් නෑ මේ පෝස්ට් පවා නෑ එහෙම නේද ? ස්තූතියි මගෙ රත්තරන් යාලුවෝ හැමෝටම ආයෙත් අපි මේ වගේ පෝස්ට් එකකින් හමු වෙමු...... එතකන් සුබ අනාගතයක් , ආයෙත් එහෙම පරිගනක ස්ලෝව් කරගෙන ෆෝමැට් කරන්න උස්සන එකක් නෑ කියලා හිතනවා , ගුඩ් බායි යාලූ............


Comments

Popular posts from this blog

වින්ඩෝස් ඇක්ටිව් කරමු - Active Windows

ආයුබෝවන් යාලුවනේ 🙏 post no 04: කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා , හා හා ඒව වැඩක් නෑ දැන් ඉතින් අද අරන් ආව මෘදුකාංගය ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්නකො. මම කියන්න හදන්නෙ වින්ඩෝස් ඇක්ටිව් කරන විදිය ගැන, ඔබ genuine මෘදුකාංග භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම post එකෙන් වැඩක් නැති වේවි, creak os භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම පෝස්ට්එ ක ඉතා වැදගත් වෙවි , කියවලම බලන්නකො ඉස්සෙල්ලම කියන්නම් පරිගනක වල මෙහෙයුම් පද්දති වල භාවිතය ගැන මේ ටික නම් ඉතින් දෙයක් ඉගෙන ගන්න ආස අය විතරක් කියවන්න , නැත්තම් අනිත් අය කියවන ගමන් මට බනීවි මූට වෙන වැඩක් නැඇතුව කියවනවා කියලා , ඒක නිසා මේ ගැන ඉගනගන්න ආස අය විතරක් කියවන්නකො, වැඩි කතා ඕන නෑ , මෙන්න වැඩේට බැස්සා, ලෝකයේ වැඩියෙන්මා පාවිච්චි කරන මෙහෙයුම් පද්දතිය මොකද්ද ඇහුවොත් බොහෝ දෙනෙක් කියාවි windows(xp,7,8,8.1,10) කියලා , ඔව් එයාල හරි , වින්ඩෝව්ස් තමයිවැඩිපුර පාවිච්චි කරන්නෙ , බලන්නකො පහල තියෙන චාට් එක ටිකක් • Win7 47.46% • Win8.1 12.15% • Win10 11.84% • MacOSX 9.84% • WinXP 8.44% • Others 4.03% • Win8 2.98% • WinVista 1.78% ...

Android Emulator (koplayer)

➡ POST NO - 04 ⬅ හායි යාලුවනේ , මුලින්ම සමාව ඉල්ලනවා පෝස්ට් එකක් ලියන්න පරක්කු වුනු එකට , මේ අපේ තුන් වන පෝස්ට් එක , කියව්ල බලන්නකෝ , ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ලෝලීන්ට නම් සුබ ආරන්චියක් වෙයි , ගෘප් එකේ සාමාජකයෙක් පලකල පෝස්ටුවක් දැකලා තමයි අදහස අවේ, හා හා කාලෙ කන්නෙ නැතුව වැඩේට බහිමු නේද ? කියවන්නකෝ......... ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ප්ලේ කරනව ඇතිනේ , ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොබයිල් ඔපරේටින් සිස්ටම් එකක් නෙ , ඉතින් ෆෝන් වලින් ගේම්ස් ගහනකොට එක එක ප්‍රශ්න එනවා එහෙම නේද , -රැම් එක මදි කියල කියයි -නැත්තම් බැට්‍රි බහිනවා කියයි -එහෙමත් නැත්තම් ෆෝන් එක ස්ලෝව් වෙනවා කියල කියයි ඔය වගේ එක එක ප්‍රශ්න නේද ? ඉතින් මෙන්න ඒවට වෙසදුම...👌 ඔයාගෙ පරිගනකයෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් ප්ලේ කරන්න දන්නවාද ඔයාල ?, හරි සමහර අය දන්නවා ඇති , සමහර අය නොදන්නවාත් ඇති , මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් ප්ලේයර් එකක් කිව්වොත් මම නිවරදියි. නොයෙක් නොයෙක් ඇප් ප්ලේයර් මේ වන විට අන්තර්ජාලයෙන් ඔයාලට බාගත කරගන්න පුලුවන් , එහෙත් මම දකින විදිහට ඒ ප්ලේයර් වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා , ඒ වගේ ගැටලු ගොඩක් අඩුවන විදිහට නිර්මානය කරපු මෘද...